මැයි 12 සහ 14 සුරාසැල්, කැසිනෝ වැසෙයි

හෙට (12) දිනය තුළ කොළඹ දිස්‌ත්‍රික්‌කය තුළ සහ ලබන ඉරිදා (14) දින මහනුවර දිස්‌ත්‍රික්‌කය තුළ සියලු සුරාසල්, සතුන් මරණ ස්‌ථාන, රේස්‌ බුකී, කැසිනෝ සමාජ ශාලා වසා තැබීමට තීරණය කර ඇති බව ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටියි.

එක්‌සත් ජාතීන්ගේ අන්තර්ජාතික වෙසක්‌ උත්සවය පැවැත්වෙන බැවින් මෙම තීරණය ගෙන අැත. අදාළ උත්සවය හෙට දිනය තුළ කොළඹදී අාරම්භ වීම සහ ලබන 14 වනදා මහනුවර දී සමාප්තිය සිදුවන බැවින් මෙම තීරණය ගෙන අැති බව ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි. මේ සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක්ද නිකුත් කර අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top