ශ්‍රී ලංකාවට යළි GSP+ ලබාදීමට අනුමැතිය හිමිවෙයි

ශ්‍රී ලංකාවට යළි ජී එස් පී ප්ලස් බදු සහනය ලබාදීමට යුරෝපා සංගමයයේ වෙළෙඳ අමාත්‍යවරුන්ගේ කවුන්සිලය අද අනුමැතිය ලබාදී තිබේ. ඉකුත් කවුන්සිලය විසින් අද පස්වරුවේ සිය තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.

ජිඑස්පී බදු සහනය ලබාදීම පිළිබඳව මෑතකදී යුරෝපා පාර්ලිමෙන්තුවේදී ජන්ද විමසීමක්ද පවත්වා තිබූ අතර, එහිදීද ශ්‍රී ලංකාවට අනුමැතිය හිමිව තිබුණි. අද දින යුරෝපා සංගමයයේ වෙළෙඳ අමාත්‍යවරුන්ගේ කවුන්සිලය ලබාදුන් තීන්දුව ඉදිරි දින කිහිපය තුළ යුරෝපා ගැසට් පත්‍රයේ පළකිරීමට නියමිත බව වාර්තාවේ.

2010 වසරේ මහින්ද රාජපක්ෂ පාලනය සමයේදී ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව චෝදනා කරමින් ජිඑස්පී පිලස් බදු සහනය අත්හිටුවීමට යුරෝපා සංගමය තීරණය කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top