සාවකච්චේරියේදී හමුදා ට්‍රක් රථයක් දුම්රියක ගැටීමෙන් සෙබළුන් තුනකට තුවාලයි..

යාපනය – සාවකච්චේරිය, සංගත්තනයි දුම්රිය ස්ථානයට අසල සීඝ්‍රගාමී දුම්රියකට හමුදා ට්‍රක් රථයක් ගැටීමෙන් හමුදා සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. අද දහවල් යාපනය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ.

අනතුර හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුද බාධාවට පත්වූ අතර, තුවාල ලැබූ සෙබළුන් සාවකච්චේරිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය මූලික රෝහලට යවා ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top