දක්‍ෂිණ අධිවේගයේ සිඳු වූ අනතුරකින් කාන්තාවක් මරුට..

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම පිවිසුම ආසන්නයේ සිදුවූ අනතුරකින් කාන්තාවක මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. වෑන් රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතුව බව පොලිසිය සඳහන් කරයි.

කොට්ටාව සිට මාතර දෙසට ධාවනය වූ වෑන් රථයක් සහ එම දිසාවටම ගමන්ගත් කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ. අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරා සහ කාන්තාවන් දෙදෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එහිදී එක් කාන්තාවක් මිය ගොස් ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top