SRILANKAN NEWS

නීතිවිරෝධි ලෙස මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

ගම්පහ දෙල්ගොඩ ප්‍රදේශයේ සුවිසල් නිවසක් කුලී පදනම මත ලබාගෙන මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු පොලීසිය විසින්අ ත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු තවත් කොල්ලකෑම් රැසකට සම්බන්ධ බව පොලීසිය සදහන් කරයි.

දෙල්ගොඩ ප්‍රදේශයේ තවත් පුද්ගලයින් දෙදෙනෙකුද මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන යාමට සහාය දී  ඇති බවත්, මසකට රුපියල්  හතළිස් දහස බැගින් ගෙවා මෙම විශාල නිවස ලබාගෙන ඇති බව ද වාර්තාවේ.

මෙම නිවස කුළියට ගත් සැකකරු ඖෂධ හලක් කොල්ලකෑම ඇතුළු අපරාධ කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු බවටද හෙළි වී තිබේ. ඔහු සතුව තිබූ මෝටර් රථයක්, ස්වර්ණාභරණ ඇතුළු භාණ්ඩ ද පොලිස් භාරයට ගත් අතර, සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.