SRILANKAN NEWS

ගංජා ළඟ තබාගත් 18ක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ දින මෙම වැටලීම සිදුකර තිබේ. සැකකරුවන් මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 15 000 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ.