අන්තරේ පාගමනට අධිකරණයෙන් තහනම් නියෝගයක් -නියෝගය නොතකා පෙළපාලිය යනවා-ලහිරු

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (17) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ කරන අතර අදාළ පාගමන කොළඹ 07, වෝඩ් පෙදෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා පැමිණීමට නියමිතව අැත.

අදාළ විරෝධතා පාගමන තුළින් මහජන සාමය කඩවන බැවින් ඊට එරෙහිව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඊයේ දින තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

කෙසේ නමුත් අධිකරණ නියෝගය නොතකා සැලසුම් කර පරිදි අද(17) දිනයේ විරෝධතා පා පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. කලින් යොදාගෙන තිබු පරිදි පෙරවරු 11.00ට කොටුව දුම්රියපළ ඉදිරිපිටින් විරෝධතා පාගමන ආරම්භ කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top