රණවිරු සැමරුම වෙනුවෙන් හෙට විශේෂ රථවාහන සැළැස්මක්

2017 ජාතික රණවිරු සැමරුම් උත්සවය පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී හෙට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ වෙනුවෙන් මාර්ග කිහිපයක රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ඒ අනුව මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙනවා. පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල මංසන්ධියට පැමිණ පන්නිපිටිය මාර්ගය ඔස්සේ පැලවත්ත , තලවතුගොඩ , කිඹුලාවල නව රෝහල දක්වා ගමන් කළ හැකියි. එමෙන්ම කිඹුලාවල මංසන්ධියේ සිට තලවතුගොඩ හරහා පන්නිපිටිය මාර්ගය ඔස්සේ පැලවත්ත හරහා පාලම් තුන මංසන්ධියට පිවිසිය හැකි බව පොලීසිය පවසනවා. රණවිරු උත්සවය පැවැත්වෙන දිනයේදී විකල්ප මාර්ග භාවිත කරමින් ඒ සඳහා සහාය ලබා දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top