ප්‍රංශ කැබිනට්ටුවේ ධූර වැඩිගණනක් කාන්තාවන්ට…

කලින් ප්‍රතිඥා දුන් පරිදි ස්ත්‍රී පුරුෂ සමාන නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් කටයුතු කරලා. ඒ අනුව කැබිනට් ඇමති ධුර විසි දෙකෙන් එකොළහක් කාන්තාවන්ට හිමි වෙනවා.

ආරක්ෂක අමාත්‍ය ධුරය සහ ක්‍රීඩා ඇමති ධුරය ද ඊට ඇතුළත්. සිල්වි ගුලාර්ඩ් ආරක්ෂක ඇමති ධුරය සඳහාත් ෆෙන්සින් ක්‍රීඩා (කඩු හරඹවලට සමාන ක්‍රීඩාවක්) ඔලිම්පික් ශූරියක වන ලෝරා ෆ්ලෙසල් ක්‍රීඩා අමාත්‍ය ධුරය සඳහාත් පත් කර තිබෙනවා.

සියලු දේශපාලන මතවාද නියෝජනය වන පරිදි කැබිනට් මණ්ඩලය පත් කිරීමට ජනාධිපති මැක්‍රෝන් ගත් තීන්දුව හමුවේ දක්ෂිණාංශික කණ්ඩායම් වික්ෂිප්තව ඇති බව වාර්තාකරුවෝ පවසනවා. “ආර්ථික සහ මුදල් ඇමති ධුර සඳහා ජනාධිපති මැක්‍රෝන් පත් කර තිබෙන්නේ දක්ෂිණාංශික නියෝජිතයන් දෙදෙනෙක්.

අභ්‍යන්තර සහ විදේශ කටයුතු සඳහා සමාජවාදීන් ද ආරක්ෂක සහ අධිකරණ කටයුතු සඳහා මධ්‍යස්ථ මතධාරීන් ද පත් කර තිබෙනවා” පැරිසියේ සිටින මාධ්‍යකරුවන් සොයාගෙන ඇත

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top