ජාතික සංහිඳියාව වෙනුවෙන් සියලු දෙනා එක්ව ක්‍රියාකල යුතුයි – අගමැති

ජාතික සංහිදියාව ඇති කිරීම සදහා සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ජාතිවාදය, ආගම්වාදය වපුරා රට සංවර්ධනය කළ නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ මන්නාරම දිස්ත්‍රික් පරිපාලන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව අමතමින්.

තට්ටු පහකින් සමන්විත මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 305ක්. මෙහි නවීන උපකරණ සදහා රුපියල් මිලියන 11ක් පමණ වැය කර තිබෙනවා. ප්‍රදේශයේ ජනතාවට ඉඩම් ඔප්පු පිරිනැමීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. ව්‍යවසායකයින්ට ස්වශක්ති ණය ප්‍රදානය සිදු කෙරුණේද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ යුද්ධයේදී සටන් කළේත් මියගියේත් ශ්‍රී ලාංකිකයන් මිස විදේශිකයන් නොවන බවයි. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top