ඇල මාර්ග දෙපස ඉදිකිරීම් සියල්ල මාස තුනකින් ඉවත් කිරීමට පියවර ගැනේ..

ඇල මාර්ග දෙපස සියළු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා බව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

එහි සභාපති අසේල ඉද්දවල මහතා පැවසුවේ වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු මේ පිළිබඳව දැඩි අවධානය යොමු වී ඇති බව ය.

ඇල මාර්ග දෙපස ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා මාස තුනක කාලයක් ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.

එසේ ඉවත් නොවන පුද්ගලයින් අධිකරණය හමුවට පමුණුවා තහනම් නියෝග ලබාදෙන බව ද ඔහු පවසයි.

ඇල මාර්ග දෙපස පදිංචිව සිටින පුද්ගලයින් සඳහා විකල්ප ඉඩම් ලබාදීමට අවධානය යොමු වී ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top