වැල්ලවත්ත සිදුවීම-ගොඩනැඟිල්ලේ හිමිකරු අත්අඩංගුවට

වැල්ලවත්ත සැවෝයි සිනමාහල පිටුපස කඩාවැටුණු මහල් ගොඩනැඟිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.ඒ ඔහු පොලීසිය වෙත බාරවීමෙන් අනතුරුවය.

මෙම ගොඩනැඟිල්ල නිසි ප්‍රමිතියකින් යුතුව ඉදිකර නොමැති බවට චෝදනා එල්ලවිය. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයද ප්‍රකාශ කළේ ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා සිය අනුමැතිය ලබාගෙන නොමැති බවය.

එමෙන්ම මහල් තුනක ගොඩනැගිල්ලක් ඉදිකරන බවට අවසර ලබාගෙන ඉදිකර තිබූ මෙම පස් මහල් ගොඩනැඟිල්ල තවත් මහල් දෙකකින් ඉහළ නංවන විට මෙලෙස කඩාවැටීමට ලක්විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top