විදෙස් මුදල් තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස විදෙස් මුදල් තොගයක් මෙරටින්ගෙන යාමට උත්සාහ කළ චීන ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපල නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේ සෞදි අරාබියේ රියාද් බලා යාමට පැමිණි චීන ජාතිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඔහු සතුව තිබී අමෙරිකානු ඩොලර් 24,500ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 37කට අධික බව සඳහන්ය.

 අත්අඩංගුවට ගත් චීන ජාතිකයා මීට දින දෙකකට පෙර මෙරටට පැමිණ ඇති අතර ඔහු රියාද්හි කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇති බව පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

ගුවන්තොටුපල රේගුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top