මුස්ලිම් ආගමික ස්ථානවලට එල්ලවන ප්‍රහාර සම්බන්‍ධයෙන් ඇමරිකාව අවධානය යොමු කරයි..

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආගමික ස්ථානවලට එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසනවා.

ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් ගේ ට්විටර් පණිවුඩයtwitter පණිවුඩයක් නිකුත්කරමින් කොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් මහතා සදහන් කර ඇත්තේ ඕනෑම ආගමික ස්ථානයකට එල්ලවන ප්‍රහාර හෙලා දැකිය යුතු බවයි. අද (21) අලුයම කුරුණෑගල කුරුණෑගල මල්ලවපිටිය ජුම්මා මුස්ලිම් මස්ජිදයට එල්ල වූ පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරය පිළිබඳ සිය ප්‍රතිචාරය දක්වමින් ඔහු මේ බව සදහන් කර තිබේ.

මේ සතිය ඇතුලත ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලි තුනකට මේ ආකාරයෙන් ප්‍රහාර එල්ල වූ බව පෙන්වා දෙන ඇමෙරිකානු තානාපතිවරයා, මේ ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් ඉක්මනින් අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු ඇතැයි යන්න සිය බලාපොරොත්තුව බවත් සඳහන් කර තිබේ.

පසුගිය මාසයක් තුළ මුස්ලිම් ජනතාවට එරෙහිව වෛරී සහගත ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top