SRILANKAN NEWS

ෂැංග්‍රිලා භූමියෙන් තවත් අස්ථි කොටස් හමුවෙයි

ආරක්ෂක අමාත්‍යාංශයට යාබද ෂැංග්‍රිලා හෝටල් ඉදිකිරීම් භූමියේ තිබී තවත් මිනිස් අස්ථි කොටස් අද (22) හමු වී ඇත.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ අධික්ෂනය යටතේ කැනීම් කටයුතු ආරම්භ කළ අතර  හෙට (23) දිනයේත් කැනීම් සිදු කිරිමට නියමිත බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

ආරක්ෂක අමාත්‍යාංශයට යාබද ෂැංග්‍රිලා හෝටල් ඉදිකිරීම් භූමියේ තිබී ඉකුත් 12 දා මිනිස් අස්ථි කොටස් හමුවීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දීමෙන් අනතුරුව එම අස්ථි කොටස් 4,25,15ක් සහ 33ක් ලෙස මුද්‍රා තබා අධිකරණ වෛද්‍ය නිලධාරි කර්යාලයට යොමු කිරිමෙන් අනතුරුව රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එමෙන්ම මෙම අස්ථි කොටස් කැනීම් කටයුතු සිදු කරන භුමිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මැණුම්පති,ප්‍රාදේශීය ලේකම්,නාගරික කොමසාරිස්,සභාපති නාගරික සංවර්ධන අධීකාරිය,පීඨාධීපති තොරතුරු තාක්ෂණ ආයතනය,ව්‍යාපෘති අධ්‍යක්ෂක ෂැංග්‍රිල්ලා හොටල් පුද්ගලික සමාගම සහ පුරාවිද්‍යා මහාචාර්යවරුන් රැදී සිටින බව එහි ආරංචි මාර්ග සඳහන් කළහ.

ඉකුත් 11 වනදා මෙම භූමියේ කානුවක් කැපීම සඳහා කැනීම් කටයුතු සිදු කරමින් පවතින අවස්ථාවේ අඩි 8ක් පමණ ඇතුළතින් තිබූ මෙම මිනිස් ඇට සැකිලි බවට සැකකෙරෙන අස්ථි කොටස් හමු වී ඇති අතර මේ සම්බන්ධයෙන් කොටුව පොලිසියට පැමිණිලි කිරමෙන් අනතුරුව මෙහි විමර්ශන ආරම්භ කළේය.

සිද්ධිය සම්බන්දයෙන් එම භූමියේ සිටි වාත්තුරුවක් කොටුව පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව ස්ණාධිපති සූරියකුමාර් මහතා විමර්ශණ සිදු කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන් ආරක්ෂක අමාත්‍යාංශයේ රියදුරකුගේද සාක්ෂි සටහන් කරගෙන ඇති අතර ඔහු වසර 26 ක සිට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවය කරන බවත් ඈත අතීතයේ එම භූමියේ සොහොන් බිමක් තිබී ඇති බවට අසා ඇති බව ඔහු ප්‍රකාශ කර ඇති බවත් සටහන් කර ඇත.

(සුභාෂිනී සේනානනයක)