යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ සහ සම්බන්‍ධන් අතර විශේෂ හමුවක්..

මුස්ලිම්වරුන්ට එරෙහිව රටතුළ උත්සන්න වෙමින් පවතින ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්‍ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (23) දින විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා සහ යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ (NFGG) අතර පැවැත්වුණි.

අද පස්වරු 4ට පමණ පාර්ලිමෙන්තුවේ පිහිටි විපක්‍ෂ නායක කාර්‍යාලයේදී යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ නියෝජිතයන් සම්බන්‍ධන් මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

එහිදී මුස්ලිම් ජනතාවට එරෙහිව රට තුළ උත්සන්න වෙමින් පවතින ජාතිවාදී ක්‍රියා කටයුතු ගැන විපක්‍ෂ නායකවරයා වෙත අවධාරණය කළ අතර, නීතිය හා සාමය ස්ථාපිත කිරීමේදී රජය වගකීමකින් තොරව කටයුතු කිරීම ගැන ද පෙන්වාදී තිබේ.

තවද පසුගිය මාසයක් තුළ සිඳුවූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්‍ධ වාර්තාවක් ද විපක්‍ෂ නායකවරයා වෙත භාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top