පෙර පාසල් සිසුන්ට සිවිල් ආරක්‍ෂක බලකායේ ලාංඡනය සහිත නිල ඇඳුම් –

කිලිනොච්චිය සිවිල් ආරක්‍ෂ අංශය යටතේ ක්‍රියාත්මක වන පෙර පාසල් රැසක සිසුන්ට සිවිල් ආරක්‍ෂක බලකායේ ලාංඡනය සහිත නිල ඇඳුම් ලබාදී ඇති බවට දෙමව්පියන් කණගාටුව පළ කර තිබෙනවා.

විශේෂයෙන් ප්‍රථමයෙන් ගම්මානවල පිහිටි පෙර පාසල්වල සිසුන්ට එම ලාංඡනය ඇතුලත් නිල ඇඳුම් ලබාදී තිබෙන අතර, ඒ සඳහා සිසුන්ගෙන් සුළු මුදලක්ද අය කරගත් බව ද දෙමව්පියන් පවසනවා.

පසුගිය කාලයේ CSD යැයි සඳහන්වූ නිල ඇඳුම් ලබාදීමෙන් දෙම්ව්පියන් සිය විරෝධය පළ කිරීමෙන් අනතුරුව දැන් එය නවතා දමා ලාංඡනය සහිත නිළ ඇඳුම් ලබාදීමට පියවර ගෙන ඇති බව පැවැසේ.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමෙන්තුව යටතේ කිලිනොච්චිය දිස්ත්‍රික්කය තුළ පෙර පාසල් 163ක්ද, මුල්ලතීව් දිස්ත්‍රික්කය තුළ පෙර පාසල් 97ක්ද, යාපනය දිස්ත්‍රික්කය තුළ පෙර පාසල් 6ක්ද, තිබෙන අතර, එහිදී ගුරුවරුන් 503 දෙනෙකු සහ ළමුන් 5840ක්ද සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top