සෞඛ්‍ය සේවාව නැංවීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය

මෙරට සෞඛ්‍ය සේවාව නැංවීමට පූර්ණ සහාය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රොස් අදනෝම් ගේබ්බියේසස් පවසනවා. ඔහු මේ බව අමාත්‍ය රාජිත සේනාරත්න වෙත දැනුම් දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙනවා. එහිදීයි නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තෝරා පත් කර ගැනුණේ. ඒ සදහා වන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවේ සහායත් ඔහුට හිමි වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න හමු වී තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ තමන් ශ්‍රී ලංකා ජනාධිපතිතුමාද හමු වූ බවයි. ලක් රජයට සහාය දීමට තමන් සූදානම් බවත් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top