SRILANKAN NEWS

දිස්ත්‍රික් ගණනාවක ආපදා තත්වයක්..

මේ වන විට බුලත්කොහුපිටිය, දික්ඕවිට ප්‍රාදේශීය බල ප්‍රදේශවල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වල නාය යෑමේ අවදානමක් පවතින බවද පැල්මඩුල්ල සහ රත්නපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ඉවුරු කඩා වැටිම් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම වැසි සහිත කාළගුණය පැවතිය හොත් ඉදිරි පැය 24ක කාලය තුළ එම ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම් දෙයි.

මේ අතර, අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කැලණි, කළු, ගිං ගඟේ ජල මට්ටම් ඉහළයමින් පවතින බැවින් අවධානයෙන් සිටින ලෙස පහත් බිම් අවට වෙසෙන ජනතාව වෙත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කැලණි ගඟේ ග්ලෙන් කෝස් ප්‍රදේශයෙන්, කළු ගඟේ රත්නපුර ප්‍රදේශයෙන්, ගිං ගඟේ බද්දේගම ප්‍රදේශයෙන් මෙලෙස ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දන්වා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

ඒමෙන්ම කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රීක්කයේ කඳුකර ප්‍රදේශවල සිටින ජනයා නායයාම් සම්බන්ධයෙන් අවදියෙන් සිටිය යුතු බවත්, එවන් අවදානමක් දැනුණු වහාම 117 දුරකථනවලට දැනුම්දිය යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විඩිදුරටත් අවධාරණය කර සිටියි.