ගංවතුර, නායයාම් නිරීක්ෂණයට පැමිණීමෙන් වළකින්න

ගංවතුර හෝ නායයාම් නිරීක්ෂණය සදහා පැමිණිමෙන් වළකින්නැයි රජය ජනතාවට අවධාරණය කරනවා. ආපදාවට ලක්වූ ජනතාවට ඉතා කඩිනමින් සේවාවක් සැපයිය හැකි ජනතාව පමණක් ඊට මැදිහත්වීම ගැටලුවක් නොවන බවයි රජය පෙන්වා දෙන්නේ.

මේ වනවිට ආපදා තත්ත්වය නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් සහන කටයුතුවලට දැඩි බාධාවක් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ. විශේෂයෙන් අවදානම් සහිත ස්ථානවල සිට ජංගම දුරකතන වලින් ඡායාරූප ගැනීම ද ඉතා බරපතල තත්ත්වයක් බව පොලීසිය පවසනවා. නිල්වලා ගංගාවේ වාන් දොරටු විවෘත කිරීමත් සමගම ඒවා නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් සහන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව මාතර වාරිමාර්ග දෙපාර්තමේන්තු කාර්යාලය ද පෙන්වා දෙනවා. විශේෂයෙන් මාතර බණ්ඩත්තර ප්‍රදේශයේ ආරක්ෂිත වේලි මත සිට ඡායාරූප ගැනීමෙන් ජීවිත අවදානම් තත්ත්වයක් ද පවතින බවයි එම කාර්යාලය පෙන්වා දෙන්නේ. මේ වනවිට ආපදා තත්ත්වය නැරඹීමට ගිය බොහෝ දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම ස්ථාන නැරඹීමට යාමෙන් වළකින ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top