ආපදා මෙහෙයුමකදී ගුවනින් වැටුණ සෙබළා මිය යයි..

අාපදාවට ලක්වූ පුද්ගලයින් කිහිප දෙනෙකු බේරා ගැනීමට මෙහෙයුමක නිරතව සිටියදී හෙලිකොප්ටර් යානයකින් අඩි 30 ක පමණ උසකින් බිම අැදවැටී තුවාල ලැබූ ගුවන් හමුදා සෙබළා ජීවිතක්‍ෂයට පත්ව අැති බව වාර්තාවේ.

ගාල්ල නෙළුව ප‍්‍රදේශයේ ආපදාවට පත් කණ්ඩායමක් බේරා ගැනීමේ මෙහෙයුමක නිරත වෙමින් සිටියදී ගංවතුරට ගොදුරු වූ පුද්ගලයෙකු කේබලයක ආධාරයෙන් ගුවනින් ගෙනයමින් සිටියදී ඔහු බිම වැටුණු බව වාර්තාවේ. ඔහුව කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයි. එම්. එස්. යාපාරත්න (38) නමැති සහන සේවා ගුවන් භටයෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top