ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සිදු වූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා හටගත් ජලගැල්ම හා නායයෑම හේතුවෙන් විශාල ව්‍යසනයකට ගොදුරුවූ මේ මොහොතේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව සියලු ම වෙනස්කම් පසෙකලා එක්සත්ව එකිනෙකාට සුවිශේෂී ලෙස සහායවීම අතිශයින්ම අගය කළ යුතු යැයි හිටපු ජනාධිපතිනි, ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශයේ සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය නිවේදනයක් නිකුත් කරයි.
මෙම ආපදා අවස්ථාවේදී පීඩාවට පත්වූ ජනතාවගේ ජීවිත ගලවා ගැනීමටත්, ඔවුන්ට ආහාරපාන, ඇඳුම් පැළදුම් සහ වෙනත් අත්‍යාවශ්‍ය දේ රාජ්‍ය යාන්ත්‍රණය සමග එක්ව ජාති ආගම් භේදවලින් තොරව කටයුතු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීම පිළිබඳ එතුමියගේ ප්‍රශංසාව හා ගෞරවය පුද කරන බවද සඳහන් කරයි.
විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව, පොලීසිය මෙන්ම සමස්ත රාජ්‍ය සේවය ඉටුකරන උදාර මෙහෙයට ශ්‍රී ලාංකේය ජනතාවගේ ගෞරවය ද හිමිවනු ඇත. එසේම ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ ගෞරවය ද පුද කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මෙවැනි විනාශකාරී අවස්ථා නැවත ඇති නොවන ලෙස වගබලා ගැනීම ශ්‍රී ලාංකිකයින් වන අප සැමගේ පරම යුතුකමක් වන අතර, මෙම අභියෝගයට මුහුණ දී නිසි පරිදි ජලය ගලා බැසීමට අවහිර කරන අනවසර ඉදිකිරීම් නොකිරීමටත්, නායයෑම් ඇතිවීමට හේතුවන ජල මුලාශ්රවල ඇති ස්වාභාවික වනාන්තර එළි පෙහෙලි කිරීම් නතර කිරීමට ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රජය විසින් ගෙනයනු ලබන වැඩපිළිවෙළට අපි සියළු දෙනාගේ ම සහාය නොමදව ලබාදීමට මෙම අවස්ථාවේ තරයේ අධිෂ්ඨාන කර ගනිමු යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කෙරේ.
Add Comment