අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විපතට පත්වූ ජනතාවට දෙමළ ඩයස්පෝරා ප්‍රජාව ආධාර ලබාදිය යුතු යැයි රටින් එපිට ඊළාම් රජය ඉල්ලා තිබේ. දකුණු පළාතේ ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් විපතට පත්වූ ජනතාව ආධාර ලබාදිය යුතු යැයි රටින් එපිට ඊළාම් රජයේ අගමැති වී. රුද්රකුමාරන් ඉල්ලා තිබේ.
ගංවතුර, සහ නායයාමෙන් විපතට පත්වූවන්ට සහන ලබාදීමට ජාත්‍යනතර රටවල් ඉදිරිපත් විය යුතු බවත්, මානුෂික ලෙස සහන ලබාදිය යුතු යැයි ඉල්ලා තිබේ. දිගු කලක් තිස්සේ ආපදාවලින් විපතට පත්වෙමින් පවතින බවත්, අවශ්‍ය තරම් පෙර සූදානමක්, අනතුරු අඟවීමක් නොමැතිකම මෙයට හේතුව බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment