අයි.සී.සී ශූරයන්ගේ කුසලාන තරගාවලිය අද අැරඹෙයි..

අයි.සී.සී ශූරයන්ගේ කුසලාන එක් දින ක‍්‍රිකට් තරගාවලිය අද (01) ආරම්භ වීමට නියමිතය. සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් මෙම තරගාවලියේ අාරම්භය සනිටුහන් වනු අැත.

කණ්ඩායම් අටක් තරග වදින අයි.සී.සී ශූරයන්ගේ කුසලාන එක් දින ක‍්‍රිකට් තරගාවලියේ ඒ සහ බී ලෙස කාණ්ඩ දෙකකින් යුක්ත වන අතර එංගලන්තය, බංග්ලාදේශය, ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය ඒ ඛාණ්ඩයෙන් ද ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය සහ දකුණු අප‍්‍රිකාව බී ඛාණ්ඩයෙන් ද තරග වදිනු ලබයි. ශ‍්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය ලබන 03 වන දා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙනු අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top