SRILANKAN NEWS

ආපදාවට පත්වුවන් සදහා ආධාර කිරිමට බැංකු ගිණුම් 5ක්

ආපදාවට පත්වුවන් සදහා ආධාර කිරිමට විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ටද අවස්ථාව සලසා තිබෙනවා. ඒ සදහා ගිණුම් අංක පහක් හදුන්වා දිමටයි මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.

විදේශ රටක සිට මුදල් පරිත්‍යාග කරන්නන්ගේ පහසුව සදහා විදේශ මුදල් ලබාගැනීමට හැකිවන පරිදි සම්පත් බැංකුවේ විශේෂ ගිණුම් අංක පහක් මෙසේ විවෘත කර තිබෙනවා. විදේශයන්හි සිට මුදල් සම්ප්‍රේෂණය සදහා එම බැංකු ගිණුම්වලට අදාල SWIFT අංකය වනුයේ BSAMLKLX යන්නයි.

ඇමෙරිකානු ඩොලර් සදහා ගිණුම් අංකය 5029 6000 2000,
ස්ටර්ලින් පවුම් සදහා වන ගිණුම් අංකය 5029 6001 2000 ,
ජපන් යෙන් සදහා වන ගිණුම් අංකය 5029 6400 2000,
ඕස්ට්‍රේලියා ඩොලර් සඳහා වන ගිණුම් අංකය 5029 6600 2000,
යුරෝ මුදල් එවන අයට 5029 6900 2000 ගිණුම් අංකයට ද එම මුදල් එවිය හැකියි.

මෙසේ පරිත්‍යාග කරන සියළු මුදල් ආපදාවෙන් විපතට පත්වුවන්ගේ දේපළ පුනරුත්තාපනය කිරිමේ වැඩසටහන සදහා යොදා ගන්නා බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ.