SRILANKAN NEWS

වවුනියාවේ ඝාතන තුනක වරදකරුවන් පහක් එල්ලුම් ගහට!

වවුනියාව ප්‍රදේශයේ ස්ථාන තුනකදී සිදු කරන ලද ඝාතන 03කට වරදකරුවන් වූ පස් දෙනෙකුට වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේනද්‍රන් විසින් මරණ දඩුවම නියෝග කරනු ලැබ ඇත.

මරණ දඩුවම ලැබූවන් අතර එකම පවුලේ තිදෙනෙකුද වේ.

වවුනියාව සුන්දරපුරම් ප්‍රදේශයේ තරුණයෙකු – පියා සහ පුතුන් දෙදෙනා එක්ව ඝාතනය කිරීමත් වවුනියාව මුන්රිමුරිප්පු ප්‍රදේශයේ බිරිඳ විසින් සැමියා ඝාතනය කිරීමත් වවුනියාව ශාස්ත්‍රී කූලාංකුලම් ප්‍රදේශයේ තරුණයෙකු විසින් කාන්තාවක් ඝාතනය කරනු ලැබීමත් යන සිදුවීම්වලට වරද කරුවන් වූ පස් දෙනෙකුට ඊයේ (01) දන මෙසේ මරණ දඩුවම නියම වී ඇත.

මේ අනුව 2006  ජුලි 21 වනදා වසරේදී සුන්දරපුරම් ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ වූ 63 හැවිරිදි කුට්ටප්පන් වේලායුධන් (පියා) 31 හැවිරිදි වේලායුධන් දිනේෂ් කුමාර් (පුතා) හා 27 හැවිරිදි වේලායුධන් මනෝජ්රාජ් (පුතා) යන අත්අඩංගුවට ගෙන නඩු විභාගයන් පවත්වා ඊයේ දින අදාල ඝාතනයන්ට වරදකරුවන් බවට රසපරික්ෂක වාර්තාවලින් ඔප්පු වීමෙන් පසුව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතා විසින් මරණ දඩුවම නියම කර සිටියේය.

2010 වසරේදී වවුනියාව මුන්රිපුරිප්පු ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු පිලිස්සී මිය ගොස් තිබියදී හමු වූ අතර එහිදී මිය ගිය පුද්ගලයාගේ බිරිඳ සැක පිට වවුනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිදු කරන ලද පරික්ෂණ හා රස පරික්ෂණ වාර්තාවලින් ඔප්පු වී තිබුණේ නිදි යහනේදීම සිය බිරිඳ විසින් සැමියා පුළුස්සා ඝාතනය කොට ඇති බවටත් එයට වරදකරු වූ 45 හැවිරිදි ජයකොඩිආරච්චිලාගේ රෝහිනි දමයන්ති යනට මරණ දඩුවම නියම කරන ලදී.

2008 වසරේදී වවුනියාව ශාස්ත්‍රී කුලාංකුලම් ප්‍රදේශයේ පිහිටි නිවසක් කොල්ල කෑමේදී නිවසේ සිටි සිවකුමාර් ඉන්දුමති නැමති කාන්තාවකට පිහිකින් ඇන ඝාතනය කිරීමේ වරදට වරදකරු වූ විශ්වනාදන් කනකමනෝහරන් නැමති පුද්ගලයාට වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතා විසින් මරණ දඩුවම නියම කොට සිටියේය.

  • thecolombopost.net