ගත වූ මාස 06 තුළදී ඩෙංගු රෝගීන් 56887 ක්

2017 වර්ෂයේ ගත වූ මාස 06 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන්  56887 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 42.55%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ  16 වන සතිය තුළදීය.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව වසංගත රෝගවිද්‍යා ඒකකය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top