පොලීසියේ 12කට ස්ථාන මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් දොළොස් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. සේවා අවශ්‍යතාව මත මෙම මාරුවීම් ලබාදුන් බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන්දෙනෙකු හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් නවදෙනෙකු මෙම පිරිසට ඇතුළත්. පොලිස් කොමිසමේ නිර්දේශ මත පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top