මත් පෙති සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

මත් පෙති සමඟ තරුණයින් තිදෙනෙකු කාත්තාන්කුඩි පොලිසිය විසින් ඊයේ (02) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් තිදෙනා සතුව තිබී මත් පෙති 500ක් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.අත්අඩංගුවට ගත් තරුණයින් පිරෙයින්දුරෙයිචේනෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි වාර්තා වන්නේ.

කල්මුනේ සිට පිරෙයින්දුරෙයිචේනෙයි දක්වා අදාල මත්පෙති යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටින අතර තුර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.

සොයාගත් මත් පෙත්වල වටිනාකම රුපියල් 30000ක් පමණ වන බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.අත්අඩංගුවට පත් සැකකරුවන් අද (03) මඩකලපුව විනිසුරු හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සදහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top