රජය ජනතාවගේ ප්‍රජාත්නත්‍රවාදි අයිතිය උල්ලංඝණය කරලා – ඒකබද්ධ විපක්ෂය

යහපාලන ආණ්ඩුව විසින් පළාත් පාලන ආයතන ඡන්දය නොපවත්වමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝණය කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි. මේ පිළිබදව දැනුම් දීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා යුරෝපා සංගම් තානාපති තුං ලයි මාර්ග් මහතා හමුවී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

ඒ පිළිබදව අදහස් දක්වමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ පළාත් පාලන ආයතන ඡන්දය නොපැවැත්වීම හේතුවෙන් රටේ සිදුවී ඇති ගංවතුර, නායයෑම් වැනි ස්වාභාවික ව්‍යසන වලටද කඩිනම් විසඳුම් ලබාදීමට නොහැකි වීම පිළිබඳව ඇතුළු කරුණු රාශියක් පිළිබදව යුරෝපා සංගම් තානාපතිවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top