ගංවතුර ව්‍යසනය පිළිබඳව ජවිපෙන් විවාදයක් ඉල්ලයි

ගංවතුර ව්‍යසනය පිළිබඳව පාර්ලිමේන්තුවේ එක් දින විවාදයක් ලබා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

එම ඉල්ලීම ඇතුළත් කරමින් අනුර දිසානායක මහතා විසින් කතානායක කරු ජයසූරිය වෙත ලිපියක්ද යොමු කර තිබේ.

මෙම ජාතික ව්‍යසන තත්ත්වය නිසා දේපළ හා නිවාස අහිමිවූවන් මෙන්ම ජීවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් ආණ්ඩුව කඩිනමින් මැදිහත් විය යුතු අතර නැවත මෙවන් ව්‍යසනකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට ගත යුතු පියවර සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුව තුළ වැදගත් සාකච්ඡාවක් අවශ්‍ය බව එම ලිපියේ දක්වා ඇත.

ඒ පිළිබඳ විශේෂ විවාදයක් ලබන සතියේ ලබා දෙන ලෙස දිසානායක මහතා සිය අස්සනින් යුත් ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top