ICC චැම්පියන්ස් කුසලාන – ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තරඟය අදයි

ICC චැම්පියන්ස් කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය අද (03) පස්වරු 3ට පැවැත්වීමට නියමිතයි.

දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැත්වෙන මෙම තරගයට, ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් කී‍්‍රඩා කිරීම අවිනිශ්චිත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සදහන් කර ඇත.කෙසේ වෙතත් මෙම තරගයට ශී‍්‍ර ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග සහභාගි වීමට නියමිත අතර කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල කි‍්‍රඩා කරනු ඇති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top