සුළු ජාතිකයන්ට එල්ලවන ප්‍රචණ්ඩ ක්‍රියාවන් ගැන මානව හිමිකම් කොමිසම කණගාටුව පළ කරයි..

ශ්‍රී ලංකාවේ සුළු ජාතිකයන්ට එරෙහිව විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරමින් සිදුකරන ප්‍රචණ්ඩ හා ආක්‍රමණික ක්‍රියාවන් සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කණගාටුව පළ කර තිබේ.

මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ජනාධිපතිවරයා අදාළ බළධාරීන්ට උපදෙස් ලබාදිය යුතු යැයි පවසා තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවා ඇති ලිපියකදී මේ බව සඳහන් කර තිබේ. මුස්ලිම් ප්‍රජාව පමණක් නොව රටේ සුළු ජාතිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට, ජනාධිපති විසින් නීතිය හා සාමය අමාත්‍යංශය සහ පොලිස්පතිවරයාට නියෝග කළ යුතු යැයි පවසා තිබේ.

2014 වසරේදී අලුත්ගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියාවන් හේතුවෙන් ජීවිත රැසක් අහිමිවූ අතර, විශාල දේපළ හානියක් ද සිඳුවූ බව පෙන්වාදී තිබෙන මානව හිමිකම් කොමිසම, එම සිද්ධියට සම්බන්‍ධ පුද්ගලයන්ට එරෙහිව මෙතෙක් කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top