ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ලකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි කළ යුතුයි – නැ. මහ ඇමැති

නැගෙනහිර පළාතේ ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ලකරන පුද්ගලයන් සහ ජාතිවාදය ඇති කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කළ යුතු යැයි නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් මහතා පොලීසිය උපදෙස් ලබාදී තිබේ.

ත්‍රිකුණාමලය පෙරියකඩයි මුස්ලිම් මස්ජිදයට එල්ලවූ ප්‍රහාරය සම්බන්‍ධයෙන් කඩිනමින් පරික්‍ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නැගෙනහිර පළාත් මහ ඇමැති, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක ශ්‍රේෂ්ඨ පොලිස් අධ්‍යක්‍ෂකවරයා වෙත නියෝග කර තිබේ.

තවද නැගෙනහිර පළාතෙහි නීතිය හා සාමය කඩාකප්පල් කිරීමේ අයුරින් සිදුකරන ජාතිවාදී ක්‍රියා කටයුතු මැඩපැවැත්වීම පොලීසියේ වගකීමක් බවත්, නැගෙනහිර පළාතේ ත්‍රිවිද ජාතින් සමඟියෙන් එක්වී අපගේ සහෝදරත්වය පෙන්වාදිය යුතු යැයි මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top