විපතට පත් ජනතාව වෙනුවෙන් චීන බෞද්ධ සංගමයෙන් මූල්‍යමය ආධාර

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා චීන බෞද්ධ සංගමය විසින් රුපියල් මිලියන 22 ක මූල්‍යමය පරිත්‍යාගයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
sri guanguan ස්වාමින් වහන්සේ ප්‍රමුඛ චීන බෞද්ධ සංගමයේ ස්වාමීන් වහන්සේලා මෙම මුදල් පරිත්‍යාගය ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින් වහන්සේ ද එම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top