බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ත්‍රස්ත ප්‍රහාරයෙන් හත් දෙනෙකු මරුට..

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ත්‍රස්ත ප්‍රහාරයන් කිහිපයක් එල්ල වී අැති බව වාර්තා වේ. අද (04) අළුයම් කාලයේදී මධ්‍යම ලන්ඩනයේ ස්ථාන තුනකට එල්ල වී අැති බව මෙම ත්‍රස්ත ප්‍රහාර වලින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් 50 දෙනෙකු තුවාල ලබා අැති බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.

මේ අතර, ප්‍රහාරකයන් තුන් දෙනෙකු වෙඩිතබා මරා දැමු බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි. ප්‍රහාරයේදී තුවාල ලත් පුද්ගලයින් අතර බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසියේ නිලධාරියකුද සිටින අතර ඔහු ඊට මුහුණ දුන්නේ සිද්ධිය හටගත් ස්ථානයට ළඟාවීමෙන් අනතුරුව තියුණු අවි පහරට ලක්වීමෙනි. ඔහුගේ තත්ත්වය බරපතල වුවද ජීවිතයට හානියක් නැතැයි වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top