WORLD NEWS

රටවල් පහක් කටාර් රාජ්‍ය සමඟ වූ සම්බන්‍ධතා අත්හැරී

ත්‍රස්තවාදයට උදවුකරන බවට චෝදනා කරමින් රටවල් 05ක් කටාර් රාජ්‍ය සමග සබදතා අතහැර තිබෙනවා. සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේන්, යේමනය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි මෙසේ සිය රාජ්‍ය තාන්ත්‍රික සබදතා කටාර් රාජ්‍ය සමග නතර කර තිබෙන්නේ. කටාර් රාජ්‍ය මුස්ලිම් සහෝදරත්ව සංවිධානය ඇතුළු ත්‍රස්ත සංවිධානවලට උපකාර කරන බවයි ඔවුන් චෝදනා කරන්නේ.

සෞදි අරාබිය මේ වන විටත් රියාද්හි පිහිටි සියලුම කටාර් දේශසීමා වසා දමා තිබෙනවා. මුහුදු මාර්ගයෙන් හෝ ගුවන් මගින් කිසිදු සබදතාවක් පවත්වන්නේ නැති බවයි ඔවුන් පවසන්නේ. ඊජිප්තුව ද සිය ගුවන්තොටුපොළ කටාර් රාජ්‍යයේ ගමනාගමනයට සහාය නොදෙන ලෙස වසා දමා තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින සියලුම කටාර් රාජතාන්ත්‍රිකයින්ට පැය 48ක් ඇතුළත ඉවත් වන ලෙසද එමීර් රාජ්‍ය දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් කටාර් රාජ්‍ය ත්‍රස්වාදීන්ට උදව් දෙන බවට කරන චෝදනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා.