මානව හා සත්ත්ව සංහතියේ සුරක්ෂිතභාවය රඳා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාන ජගත් පරිසර දිනය අදට (ජුනි (05) යෙදී තිබේ. මෙවර ජාත්‍යන්තර පරිසර දිනයේ තේමාව වී අැත්තේ “සොබාදහම හා බැදුණු ජනතාවක්” යන්නයි.
1972 වර්ෂයේදී ස්වීඩනයේ එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් වූ යෝජනාවක් සම්මත වීමත් සමග ජගත් පරිසර දිනය නොකඩවා 1973 වසරේ සිට සමරනු ලබයි. පරිසරය පිළිබඳ දැනුවත් කිරීමත්, පරිසරය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, පරිසර දුෂණය වළක්වාලමින් සුරක්ෂිත පරිසරයක් සඳහා ක්‍රියාකාරීත්වය වැඩි කිරීම මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණක් වී තිබේ.
Add Comment