ICC චැම්පියන්ස් කුසලාන – පාකිස්තානය සමඟ වූ තරඟයෙන් ඉන්දියාවට ජය

අයි සී සී ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පාකිස්තාන කණ්ඩායම පරදවා ජය ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. පාකිස්තානය හා දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගය අනිද්දා බර්මින්හැම් හි දී පැවැත්වෙනවා.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48කදී කඩුලු 3ක් දැවී ලකුණු 319ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ අනුව පන්දුවාර 41ක් තුළ ලකුණු 269ක ඉලක්කයක් ඔවුන්ට හිමිව තිබුණා. කෙසේ වෙතත් පන්දුවාර 33යි පන්දු 4කදී සියලු දෙනා දැවී පාකිස්තාන කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 164ක් පමණයි. මේ අනුව ලකුණු 124කින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළා. තරගය පැවැත්වුනේ එජ්බැස්ටන් හිදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top