මූතූර්හි දැරියන් තිදෙනෙකු දූෂණය කළ සිද්ධට සම්බන්‍ධ සැකකරුවන් රක්‍ෂිත බන්‍ධනාගාරයට

ත්‍රීකුණාමලය මූතූර් මලිගතිව් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක්කළ සිද්ධියට සම්බන්‍ධව අත්අඩංගුවට පත්වූ සැකකරුවන් පස් දෙනා ලබන 12 වනදා දක්වා රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස මූතූර් අධිකරණ මහේස්ත්‍රාත් අයි.එන්. රිස්වාන් අද (5) දින නියෝග කළේය.

පාසල් ගොඩනැගිළි ඉදිකිරිමේ වැඩට පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් පාසල් නිමවී අමතර පන්තියක් සදහා සහභාගී වීමට යාමේදී අපෝජනයට ලක්වූ බව පවසා ඉකුත් දැරියන්ගේ දෙමව්පියන් කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සිද්ධිය සම්බන්‍ධයෙන් මූතූර් නගරයේදී පසුගිය සඳුදා දින අත්අඩංගුවට ගත් සැකකරුවන්ව අද දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට මූතූර් මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේය.

සිද්ධිය සම්බන්‍ධයෙන් නැගෙනහිර පළාතයෙහි පාසල් රැසක් වසා දැමුණු අතර, සිසුන් විසින් උද්ඝෝෂණ රැසක් ද පවත්වා තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top