නන්දිකඩාල් කලපුවේ මසුන් මියයෑම පිළිබඳ පරීක්ෂණයක්

නන්දිකඩාල් කලපුවේ සහ වට්ටුවාගල් කලපුවේ විවිධ වර්ගවලට අයත් මසුන් දහස් ගණනක් මරණයට පත් වීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන්නැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්තුමියට උපදෙස් දී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායමක් යවා තොරතුරු වාර්තා කරන්නැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම් මංගලිකා අධිකාරි මහත්මියට උපදෙස් දී ඇතැයි ද එම අමාත්‍යාංශය අද (5) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කලපුවල ලවණ තත්ත්වය වැඩිවීමත් මසුන්ට ජීවත්වීමට නුසුදුසු පරිසරයක් නිර්මාණය වීම නිසා මෙලෙස දහස් ගණනින් මසුන් මියගොස් ඇතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීකදී ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ (නාරා) පාරිසරික අංශ ප්‍රධානි අස්මි මහතාගේ ප්‍රධානත්වයෙන් හය දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top