ප්‍රධාන පක්ෂ එක් වීමෙන් ගැටළු රැසකට විසඳුම් ලබා දිය හැකියි

ප්‍රධාන පක්ෂ දෙක එක්ව කටයුතු කිරීම තුළින් රට හමුවේ ඇති ගැටළු රැසකට විසඳුම් ලබාදිය හැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ රජය ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට විපක්ෂය සහය නොදැක්වීම තුළින් ගැටලු රැසකට මුහුණදුන් බවයි.

රත්නපුර ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත් ජනතාව සඳහා ආධාර ලබාදිමේ උත්සවයකට එක්වෙමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙම අදහස් පළ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top