කටුනායක ගුවන්තොටුපලේ කටාර් රියාල් හුවමාරුව අත්හිටුවයි..

කටුනායක ගුවන්තොටුපලේ බැංකු ශාඛා මඟින් කටාර් රියල් වෙනත් මුදල් වර්ගවලට හුවමාරු කිරීම අද(06) පෙරවරුවේ සිට තාවකාලිකව නවතා තිබෙන බව ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසා ඇත්තේ, කටාර් රියාල් බාර නොගන්න ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනෙකුත් බැංකුවලට දැනුම් දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
මෙම තත්වයතුල වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ විදේශ රැකියාවල නියුක්ත වී පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන් අසීරුතාවයට පත් වී ඇත.කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මෙන්ම , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ පිහිටි සියලු සාප්පු ද මෙසේ කටාර් රියාල් භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් පවතී .
මේ අතර පෞද්ගලික විදේශ  මුදල් මාරු කරන්නන් ද කටාර් රියාල් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.  කටාර් සිට පැමිණෙන මගීන්ට කටාර් රියාල් 1000 ක් දක්වා මාරු කිරිම ලංකා බැංකුවෙන් පමණක් සිදුකරේ.
ත්‍රස්තවාදයට සහය පල කරන බවට චෝදනා කරමින් සෞදි අරාබියාව ඇතුළු රටවල් 6ක් කටාර් රාජ්‍ය සමඟ සබදතා නවතා දැමීමට ඊයේ(06) දිනයේ තීන්දු කරනු ලැබුවේය. එම තීන්දුවත් සමඟ කටාර් රියාල් වෙනත් මුදල් වර්ගවලට හුවමාරු කිරීම තාවකාලිව මෙරට තුළ ද නතර කර ඇති බව වාර්තා වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top