නාමල් ඇතුළු තිදෙනාට අධි චෝදනා

පසුගිය පාලන සමයේ රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් ආකාරය හෙලි කිරීමට අසමත් වීම හේතුවෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු තිදෙනාට අද කොළඹ මහාධිකරණ විසින් අධි චෝදනා භාර දෙන ලදී.

මොවුන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදී තිබූ පෙර ඇප මත මුදා හැරීමට මෙම නඩුව කැඳ වූ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කලේය.

මැයි මස 03 වැනිදා මිට පෙර නඩුව කැදවූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු නඩුවේ සෙසු විත්තිකරුවන් 05 දෙනාට අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත්කර තිබිණි.

අද දින මෙම නඩුවේ දෙදෙනෙක් විදෙස්ගතව සිටි නිසා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් වෙනුවෙන් නීතිඥයන් අධිකරණයේ පෙනී සිටියේය.

මෙයට මුල් වුයේ පසුගිය රජය සමයේ නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේෂන් ආයතනය විසින් හෙලෝ කෝප් සමාගමේ රුපියල් මිලියන 125ක කොටස් සැකකටයුතු ලෙස මිලදී ගැනීමේ චෝදනාවයි.

මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම සිද්ධියට අදාලව මීට පෙරදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හැර අනෙක් විත්තිකරුවන් 03 දෙනාව එක් අයෙකුට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 04ක් මත මුදාහැරීමට කටයුතු කළේය.නැවත මෙම නඩුව මේ මස 28 වැනිදා යලි කැදවනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top