උතුරේ පවතින නියඟය හේතුවෙන් ජනතාව පීඩාවට

උතුරු පළාතට බලපා ඇති නියං සහිත කාලගුණය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. සිය වගාවන්ටද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ.

යාපනය, මුලතිව්, කිලිනොච්චි හා මන්නාරම දිස්ත්‍රික් ජනතාවයි මෙම නියං කාලගුණය හේතුවෙන් දැඩි පීඩාවට ලක්ව සිටින්නේ. බොහෝ ප්‍රදේශවල ජනතාවට පානීය ජලය ජල බවුසර මගින් බෙදා හැරීමටද කටයුතු කර තිබෙනවා. ගම්මානවලට පානීය ජලය බෙදා හැරීමට ආරක්ෂක අංශ ද සහාය ලබා දුන්නා. නියං කාලගුණය හේතුවෙන් වගා කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මෙම කාලගුණික තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ පැවතියහොත් දැඩි අවදානමකට මුහුණ දීමට සිදුවන බවයි එම ජනතාව පෙන්වා දෙන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top