පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්‍ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට..

පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් පිරිසකට පසුගියදා එල්ල වූ වෙඩි ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (07) පොලිස් අත්අඩංගුවට පත්ව අැති බව වාර්තා වේ.

මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය විසින් දියත් කරන ලද වැටලීමකදී ඉහත සැකකරුවන් දෙදෙනා දර්ගා නගරයයේදී අත්අඩංගුවට පත්ව අැති අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියට අාධාර අනුබල දුන් බවට සැකකරමින් මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන අැත. අදාළ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු සහ අසළ රැදී සිටි කුඩා දැරියක් මිය ගොස් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා සිවිල් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top