කේරල ගංජා කිලෝ ග්‍රෑම් 56ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

කේරල ගංජා කිලෝග්‍රෑම් 56ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පේදුරුතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වුණා.

නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් අදාළ මෙහෙයුම සිදුකළා. පේදුරුතුඩුව තොන්ඩමනාරු වෙරළ තීරයේදීයි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් සතුව තිබූ ගංජා කිලෝග්‍රෑම් 56ක් ද අත්අඩංගුවට ගැණුනා. මේ පිළිබද ඉදිරි විමර්ශන කටයුතු සදහා සැකකරුවන් සහ කේරල ගංජා තොගය කංකසන්තුරය පොලිස් විෂ මත්ද්‍රව්‍ය ඒකකකය වෙත භාරදීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top