මිලියන 50ක් වටිනා හෙරෝයින් තොගයක් හමුවෙයි..

රුපියල් මිලියන 50ක් වටිනා හෙරෝයින් තොගයක් හමුවී තිබේ. කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු බෑගයක් පරික්‍ෂා කිරීමේදී මෙම හෙරොයින් තොගය හමුව තිබේ.

නාවික හමුදා උතුරු නාවික විදානයට අනුයුක්ත වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මුර සංචාරක යාත්‍රාවක් මුහුදේ සංචාරය කරන අතරතුර මෙම බෑගය හමුවී ඇති අතර, එහිදී කිලෝග්‍රෑම් 5කට වැඩි බරකින් යුත් හෙරොයින් තොගය පාර්සල් කිහිපයක අසුරා තිබූ බව වාර්තා වේ. වැඩිදුර පරික්‍ෂණ සඳහා හෙරොයින් තොගය කන්කසන්තුරය පොලීසියට භාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top