SRILANKAN NEWS

සීනිවල මිල ඉහළ නංවන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක්

සුදු සීනිවල මිල ඉහළ නංවන්නන් හට දැඩි දඬුවම් පමුණුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 18 – 01 වගන්තිය යටතේ සුදු සීනි, නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් ඇති බව එම අධිකාරිය සඳහන් කරන අතර ම එබැවින් සුදු සීනි මිල ඉහළ නැංවීම පනත උල්ලංගණය කිරීමක් බවත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ද දැනුවත් කර ඇති බව පෙන්වා දෙන පාරිභෝගික සේවා අධිකාරිය එසේ සුදු සීනි මිල ඉහළ නංවන්නේ නම් ඒ සඳහා අධිකාරියේ පූර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතු බවද පෙන්වා දෙයි.