ඇමෙරිකානු නාවික හමුදා නෞකාවක් කොළඹට

ඇමරිකානු නාවික හමුදාවට අයත් “ලේක් ඊරි” යුද නෞකාව පශ්චාත් සහන සැලසීමේ ‍මෙහෙයුම් සඳහා ඊයේ (11) කොළඹ වරායට සේන්දු විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. නෞකාව වරායට පැමිණීමෙන් අනතුරුව එහි අණදෙන නිලධාරී කපිතාන් ඩී මැක්ෆර්සන් මහතා බටහිර නාවික විධාන කපිතාන් මෙහෙයුම් දෙපාර්තමේන්තුව භාර නිලධාරි කපිතාන් එම්එස්කේ මහවත්ත මහතාද මේ අවස්ථාවට සහභාගි වූහ.
දින 14 ක නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාව දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගී වීමට නියමිතය. ඒ අනුව පුහුණු වැඩසටහන් සහ හදිසි ආපදා තත්ත්වයකදී කියාත්මක වන ආකාරය පිළිබඳ වැඩසටහන් කිහිපයකට ද සහභාගී වනු ඇත. “ලේක් ඊරි” නෞකාව ජුනි මස 25 වන දින දිවයිනෙන් පිටවීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top